මම තුට්ටු දෙකට ආත්ම ගරුත්වය විකුණන මිනිහෙක් නෙමෙයි : කොන්දේසි වලට යටත් නැහැ

මම තුට්ටු දෙකට ආත්ම ගරුත්වය විකුණන මිනිහෙක් නෙමෙයි : කොන්දේසි වලට යටත් නැහැ

සජිත් ප්‍රේමදාසට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ද ලීඩර් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ '' කොන්දේසි පැනවීමක් පිලිබඳ මේ දක්වා මට දැනුම් දීමක් කර නොමැති බවත්ය.

එමෙන්ම තමන් කිසිම විකට රටේ ආත්ම ගෞරවය, පක්ෂයේ හෝ පෙරමුණේ ආත්ම ගෞරවය, ඒවගේම මගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකට විකුණා වාසි ගන්න කෙනෙක් නොවන බවත් ඉතිහාසයේ එහෙම අය ඉන්න ඇති. එහෙත් සජිත් ප්‍රේමදාස එහෙම කෙනෙක් නොවන බවත්ය.

තමන් කිසිම කොන්දේසියකට යටත්වී බාල වැඩ නොකරන බවත් එනිසා කොන්දේසිවලට යටත්වෙලා අපේක්ෂකත්වය ගන්න තමන් සුදානම් නොමැති බවත් එය ස්ථිර බවත් ඔහු පවසා තිබේ.

ඊයේ(24) රාත්‍රී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟතාව පල කළ බව මෙම එකඟතාව පල කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට(26) රැස්විමට නියමිතව ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්දයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නියමිතය.

More News