එක් දිනක් තුල ලංකාවේ වැඩිම රෝගීන් පිරිසක් සුවය ලබා රෝහල්වලින් පිටව යති..

එක් දිනක් තුල ලංකාවේ වැඩිම රෝගීන් පිරිසක් සුවය ලබා රෝහල්වලින් පිටව යති..

Covid 19 රෝගයෙන් ආසාදිතවී රෝහල්වල ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් අතරින්  පිරිසක් සම්පූර්ණ සුව ලබා අද(10) දින නිවෙස් බලා පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි අද දින තුල මේ දක්වා රෝගීන් 61 දෙනෙක් පමණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අතරින් වැඩි පිරිසක් නාවික හමුදා සෙබළුන් වන බවද වාර්තා වේ. ඒ සමගම කොරෝනා රෝගයෙන් සුව ලැබූ ලාංකිකයන් ප්‍රමාණය 321 දක්වා ඉහළගොස් ඇති අතරම මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 517 දෙනෙකි. මෙම රෝගය සඳහා මේ වනතෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති අතර ඖෂධ සංයෝගයන් මගින් විවිධ රෝගීන්ගේ තත්වය සලකා බලා ප්‍රතිකාර සිදකරන බව සැලවේ.

ශ්‍රී ලංකාව තුල වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව පසුගිය මස 18 වැනිදා සිට සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ දිනවල සුවය ලබමින් සිටින්නේ එම ආසාදිතයන් ය. පවතින තත්වය යටතේ හෙට(11) දින සිට ඇඳිරි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යන දිස්ත්‍රික්ක වන කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ද රාජ්‍ය හා පුද්ගලික ආයතන විවෘත කිරීමට රජය උපදෙස් ලබාදී තිබේ.

එසේම සති දෙකක කාලයක් සලකා බලා ජුනි මස මුල සිට රටපුරා ඇඳිරි නීති තත්වය තවදුරටත් ලිහිල් කිරීමට හෝ ඉවත්කිරීමට සාකච්ඡා කරන බවද රජයේ පාර්ශවයෙන් අදහස් දක්වා තිබේ.