කොරෝනා මර්දනයට : හේමාස් වෙතින් හා දිලිත්ගෙන් හෝටල්

කොරෝනා මර්දනයට : හේමාස් වෙතින් හා දිලිත්ගෙන් හෝටල්

COVID-19 පැතිරීම අවම කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් හේමාස් හෝල්ඩිංග්ස් හි මීගමුවේ පිහිටි සිය හෝටලය (Club Hotel Dolphin) ලබාගන්නා ලෙස පවසා ඇත.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් හේමාස් ලෙෂර් හි සභාපති අබ්බාස් එසුෆලි මහතා මෙසේ පැවසීය. “පෞද්ගලික අංශයේ ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස ක්‍රියාත්මක තම සමාගම මෙම ජාතික අර්බුදයක් ලෙස සලකා ඊට එරෙහිව සටන් කිරීමට එක්විය යුතු බවද ඔහු පවසා තිබේ.

එමෙන්ම THASL හි සභාපති සනත් උක්වත්ත ඒ සම්බන්ධයෙන් අදහස් පලකර තිබේ. අපගේ සේවාවන් සහ සහාය රජයට ලබා දිය යුතු යැයි අපි තීරණය කළෙමු. ඒ අනුව අපගේ හෝටලය, වයික්කල්හි ඩොල්ෆින් ක්ලබ් හෝටලය මෙම තීරණාත්මක මොහොතේදී අපගේ දේපළ රජයට ප්‍රයෝජනයට ගත හැකි යැයි අපට හැඟුණි, ”

යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග වෙත අපගේ අභිප්‍රාය දැනුම් දුන් අතර ඔවුන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර, අවශ්‍යතාවය ඇති වූ මොහොතේම එය භාර ගන්නා බව ප්‍රකාශ කළෙමු. අපි ඉංජිනේරු අංගය හා මුළුතැන්ගෙයි දෙපාර්තමේන්තු කළමනාකරණය කරනු ඇති අතර ඉතිරි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සහ කළමනාකරණය කිරීමට හමුදාව සහාය වනු ඇත. බවද ඔහු පවසා තිබේ.

ඩොල්ෆින් ක්ලබ් හෝටල් යනු තරු 4 කින් යුත් හෝටලයකි. . එය කාමර 154 කින් සමන්විත වේ. එය හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි කොටසක් වන සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සතුය.

මේ අතර කොවිඩ් 19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ජාතියක් සහ ලෝකයක් වශයෙන් මුහුණ දී සිටින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් Citrus Waskaduwa (Waskaduwa Beach Resort PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුටරත් පවසන්නේ මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

මේ අතර ලංකාවේ අංක එකේ ‌කෝටිපතියා ‌ලෙස සැලකෙන ධම්මික ‌‌පෙරේරා ‌රට පුරා පැතිර යන ‌කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා රුපියල් ලක්ෂ 700කට (‌කෝටි 7ක) අධික වටිනාකමකින් යුත් භාණ්ඩ පරිත්‍යාගයක් සිදු කර ඇති බව මව්රට වාර්තාවක දැක්වෙයි.

එහි දැඩී සත්කාර ඒකකයන්ට ලබා ‌දෙන හුස්ම ගැනීමේ උපකරණ 6ක්, දැඩි සත්කාර ඒකකයන්ට අවශ්‍ය ඇදන් 169ක් ඇතුලුව ඇදන් 485ක් ඇතුළත් බවත් දැක්වෙයි.