සජිත් අපේක්ෂකයා නොකළොත් ගෙදර යනවා - හරින්

සජිත් අපේක්ෂකයා නොකළොත් ගෙදර යනවා - හරින්

යම් හෙයකින් එ.ජා.ප යේ නායකත්වය විසින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස ජනාධිපතිධූර අපේක්ෂකයා බවට පත් නොකළහොත් තමන් සියලු තනතුරු වලින් ඉවත්වී දේශපාලනයෙන් සමුගෙන ගෙදරටවී කාලය ගතකරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ ඉල්ලීම වන්නේ සජිත් ප්‍රේමදාස බවත්, ඉන් පිට වෙනත් විකල්පයක් එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ නොමැති බවද අමාත්‍යවරයා පවසා ඇත. එම ජනතා ඉල්ලීම් වලට පිටුපාමින් එ.ජා.ප නායකත්වය යම් අත්තනෝමතික තීරණයක් ගතහොත් නියත වශයෙන්ම තමන් දැඩි තීන්දුවක් ගන්නා බවද හෙතෙම පැවසීය.

මේ වනවිට එ.ජා.ප ය තුල ජනාධිතිධූර අපේක්ෂකයා කව්ද යන්න සම්බන්ධයෙන් දැඩි විවාදයක් මතුව ඇති අතර එහිදී අමාත්‍ය මංගල, අජිත්.පී.පෙරේරා, නවීන් ඇතුළු පිරිසක් හරීන් ද සමග සජිත්ට පක්ෂව ක්‍රියා කරමින් සිටියි.

එහෙත් රනිල් වික්‍රමසිංහ මේ වනතෙක් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති වාතාවරණයක් තුල ඔහු විසින් තවත් පක්ෂ කීපයක් සමග එක්ව ඇතිකරගන්නට යන සන්ධානය මගින් කිනම් අපේක්ෂකයෙක් පත්කරයි ද යන්න ගැටළුවක් බවට පත්ව තිබේ.

More News