සුනාමි සල්ලි වලට ගහපු කට්ටිය කොරෝනා සල්ලි වලට නොගහා ඉඳීද..?

සුනාමි සල්ලි වලට ගහපු කට්ටිය කොරෝනා සල්ලි වලට නොගහා ඉඳීද..?

සුනාමි සහනාධාර හොරකම්කළ පාර්ශවය එයින් නිදහස් කිරීම ගැන අගවිනිසුරු ජනතාවගෙන් සමාව ඉල්ලු බවත් එවැනි පැටිකිරියක් ඇති අය මෙදා කොවිඩ් සඳහා ලැබෙන විශාල මුදල හොරකම් නොකරනු ඇතැයි සිතනවා නම් ඒ මනුස්සයා කිසිම බුද්ධියක් නැති මොලයක් පාවිච්චි කරලා හිතන්න බැරි නොම්බර එකේ මෝඩයෙක් විය යුතු බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහත දැක්වෙයි.

වර්ථමාන රටේ තත්වය ගැන කතා කරනකොට කොරෝනා වෛරසය මේ ලෝකයටම ඇති කරලා තියෙන තත්වය ගැන අපි කවුරුත් දන්නවා.

මෙවැනි තත්වයක් තුළ අපේ රටේ දේශපාලකයන් බොරු කිය කිය ජනතාවගෙන් කොරෝනා වෛරසය හංගන්න උත්සාහ කෙරුවට වෛරසහ හංගන්න බැරිවෙලා තියෙනවා. මෙයින් ජනතාව ආරක්ෂා කිරීමට රජයට විශාල වගකීමක් තියෙනවා.

නමුත් අපි මුල සිටම දැක්කා මේ රටේ පාලකයා නිවැරදි තීන්දු ගත්තේ නැහැ. ලෝකයේ රටවල් මේ වෛරසයේ තියෙන භයානකත්වය තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙනකොට අපේ පාලකයා අපේ ජනතාවගෙන් 28 දෙනෙකුට මේක ආසාදනය වෙලා තියෙන අවස්ථාවකත් මේක මිහිළුවකට අරන් තමයි කතා කරේ.

ඔහු මෙය ත්‍රස්ථවාදය සමග සන්සන්දනය කරලා තමයි කතා කරේ. ඒ කියන්නේ ඔහු මේ වෛරසය ගැන සහ ත්‍රස්ථවාදය යන දෙකම ගැන තේරුම් අරගෙන නැහැ කියන එකයි.

70 දෙනෙකුට පමණ හැදුනට පසුව තමයි ඇඳිරිනීතිය ගේන්න රට ලොක්ඩවුන් කරන්න තීරණය කරේ.

එතකොට තත්වය බරපතල වෙලා ඉවරයි. අපේ රට කුඩා රටක්. අපේ රටට 25 ක් 75 ක් ආසාදිතයන් ඉන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක්.