අන්තිමේදී සජිත්ගේ සිහිනය සැබෑවෙන ලකුණු - රනිල් දමනය වෙයි!

අන්තිමේදී සජිත්ගේ සිහිනය සැබෑවෙන ලකුණු - රනිල් දමනය වෙයි!

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම්කිරීමට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියළුම පක්ෂවල නායකයන් අද(24) රාත්‍රියේ පැවති විශේෂ රැස්වීමකදී එකඟවූ බව අභ්‍යන්තර ආරංචිමාර්ග News of Lanka වෙත වාර්තා කරයි. ඒ අනුව අදාල පුළුල් සන්ධානයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරි දින කිහිපය ඇතුළත නම් කිරීමට නියමිත වේ.

අරලියගහ මන්දිරයේදී පැවති මෙම විශේෂ රැස්වීමට සහභාගීවූ පක්ෂ නායකයන් මේ මොහොතේ දේශපාලනයේ හැසිරීම අනුව සජිත් ප්‍රේමදාස හැර විකල්පයක් එක්සත් ජාතික පෙරමුණට නැති බවත්, ඒ නිසා තම පක්ෂවල සහය ඒකමතිකව සජිත් ප්‍රේමදාසට ලබාදෙන අතරම යම් හෙයකින් එ.ජා.ප ය එම තීරණයට විරුද්ධ වුවහොත් මෙවර මැතිවරණයේදී ක්‍රියාකාරීම පෙනී සිටීමෙන් ඉවත්වන බවද එම පක්ෂ නායකයින් රනිල් වික්‍රමසිංහට ඉතා තීරණාත්මක ලෙස ප්‍රකාශ කර ඇත.

එවැනි තත්වයක් යටතේ තවදුරටත් එ.ජා.පෙ ඉදිරි ගමන වළක්වාලීම සඳහා කටයුතු කිරීමේ වුවමනාවක් තමන්ට නොමැති බව පවසමින් බහුතරයේ එකඟතාවය එයනම් තමන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග සාකච්ඡාකර සජිත් ප්‍රේමදාස ඉදිරි දින කිහිපය තුල අපේක්ෂකයා ලෙස නම්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දුවී ඇතැයි සැලවේ.

More News