පුරවැසිභාවය ඉවත්කරගත්ත නම් සහතිකේ ‌පෙන්නන්න, වැඩේ ඉවරයිනේ : අපිව ගාව ගන්නේ ‌මොකටද?

පුරවැසිභාවය ඉවත්කරගත්ත නම් සහතිකේ ‌පෙන්නන්න, වැඩේ ඉවරයිනේ : අපිව ගාව ගන්නේ ‌මොකටද?

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේකෂක ගෝටාබය රාජපක්ෂගේ පුරවැසිභාවය පිලිබඳ සහතිකයක් යයි කියමින් ගෝඨාබය රාජපක්ෂ මැතිවරණ කොමිසම් සභාවට කඩදාසියක් පෙන්වූ බව සැබෑ නමුත්, එහි ඇති කරුණුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කොමිෂන් සභාව උනන්දු නොවූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු ඒ්බව පවසා සිටියේ ගෝඨාබය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සහතිකය මැතිවරණ කොමිසම් සභාවට පෙන්වා ඇති බවත්, එය මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගත් බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි පසුගියදා මාධ්‍ය හමුවකදී කර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

අගෝස්තු මාසයේදී ගෝඨාබය රාජපක්ෂ, අලි සබ්රි හා තවත් නීතිඥයකු කොමිසමට පැමිණ තිබු බවත් එහිදී පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාබය රාජපක්ෂ පැවසු බවත්, ඔහු යම් කඩදාසියක් පෙන්වූ නමුත් එය බාර ගැනීමක් හෝ පිළිගැනීමක් කොමිසන් සභාව විසින් නොකළ බවත් සභාපතිවරයා පෙන්වාදෙයි.

නාමයෝජනා දීමේදී ප්‍රතික්ෂේප ද්විත්ව පුරවැසිභාවය නිසුදුසුකමක් ලෙස පනතේ දක්වලා නොමැති බවත් ඒහෙත් ද්විත්ව පුරවැසිබාවය නුසුදුසුකමක් බවත් මැ.කො මහින්ද දේශප්‍රිය පෙන්වා දෙයි. එය ඒසේ වුවත් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමසාරිස් බලයක් නොමැති බවත් ඒය අධිකරණයෙන් කළ යුත්කත් බවත් ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ යම්කිසි කෙනෙක් පුරවැසිභාවය ගැන චැලෙන්ජ් කරාම එය අපට ගෙනල්ලා පෙන්නලා අපිව ඈඳලා ඒක හරියි කියලා පෙන්නන්න හදන එක සම්බන්ධයෙන් කනගාටු වන බවත් එලෙස සහතිකයක් තියෙනවානම් එය පෙන්නුවානම් පෙන්නුවාම ඉවරයිනේ. යැයිද ඔහු පවසා තිබේ.