ගෝඨාගේ කැම්පේන් එක ජාතිවාදය : සිවාජි දැම්මේ ඒකට

ගෝඨාගේ කැම්පේන් එක ජාතිවාදය : සිවාජි දැම්මේ ඒකට

උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙවර ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් බව ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට ඉතාමත් නිර්දය ලෙස පහරදීම බැසිල් රාජපක්ෂ විසින් ඔහුට පවරා ඇති රාජකාරිය බවත් ඒ හරහා සිංහල ජනයා කුපිත කරවා ගෝඨාබය රාජපක්ෂ වෙත වාසි ලබාගැනීම එහි උපක්‍රමය වී ඇති බවත් ඉහත ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

එසේම ශිවාජිලිංගම් දෙමල ඡන්ද 50,000ක් ගනු ඇතැයි ගණන් බලා ඇති බැසිල් රාජපක්ෂ, ඔහු හා සියලු සම්බන්ධිකරණ කටයුතු ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වන සිරිපාල අමරසිංහට පවරා ඇත.

බැසිල් රාජපක්ෂගේ උතුරු-නැගෙනහිර ප්‍රධාන සම්බන්ධීකාරකයා වන සිරිපාල අමරසිංහ, මෙවර ජනාධිපතිවරණයට 'ඩමී' අපේක්ෂකයකු ලෙස ස්වාධීනව ඉදිරිපත්ව සිටියි.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී ද උතුරේ ඡන්ද වර්ජනයකට මග පාදා එහි වාසිය මහින්ද රාජපක්ෂ වෙත අත්කර දීමටද මැදිහත් වුයේ බැසිල් රාජපක්ෂ බව වාර්තා වී තිබිණ.

රතන හිමිත් ජාතිවාදී ගොඩේ

මේඅතර අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේකර පවසයි.

අද(08) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

සිංහල බෞද්ධයයන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන අතුරුලියේ රතන ස්වාමීන් හිමිද මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අනෙක් අතින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිටපු හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම වැළැක්වීමට බවත් ඔහු සඳහන් කළේය.

 

More News