ජන්ද ටිකට කෙළවන්නද හදන්නේ, දැනට අස්වෙනවා පස්සේ වැඩ කරමු

ජන්ද ටිකට කෙළවන්නද හදන්නේ, දැනට අස්වෙනවා පස්සේ වැඩ කරමු

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නිවාස මට්ටමින් පවත්වන රැස්වීමකට සහභාගී වෙමින් පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද විසින් පවත්වනු ලැබූ කතාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබේ.

එහිදී අදහස් දක්වමින් වසර 1624 තුන්දාහක් තමයි හම්බයන් මේ රටට ආවේ. මේ තුන්දාහක් ආපු අපේ මේ සිංහල අම්මලා තමයි මේ යන්නෙ කළු ලොගු දාගෙන උන්ගෙ මේ මරක්කල ගති පෙන්නගෙන ඉන්නේ මේවට විරුද්ධව කතාකරන්න බැහැ. අපි ආවේ ඒවා ගලවන්න යැයි ඔහු පසා තිබේ.

මේ රටේ අන්තිම සිංහලය ඉන්නකං උඹලට මෙහෙ ෂරියා කොරන්න දෙන්නෙ නෑ. ෂරියා නොකරන්න නම් උඹලත් එක්ක හැප්පෙන්න මිනිස්සු හදාපල්ලා කියන පණිවිඩයයි අපි සිංහල සමාජෙට කියන්නෙ.
අපි ආවේ මුකුත් අරන් යන්න නෙමේ. අපි ආවේ මේකට තියල යන්න. අපි මේ හන්දියක් හන්දියක් ගානෙ අම්මේ තාත්තෙ ගිහිල්ල කියන්නේ හයිය ඉල්ලන්නේ

අපි සිංහල සමාජෙට කොරන්න ආවේ..අපිට වෙන මොකෙක්වත් ලොකුත් නෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ හදන අලුත් ලෝකෙට අවුරුදු 10ක් ඇතුලෙ සිංහලකම ගැන කතා කරන්නට අපිට හයිය දෙන්න කියන එක පමණයි ඉල්ලන්නෙ.

මෙම කතාව මැතිවරණයේදී අවාසි සහගත බවට අභ්‍යන්තර විවේචන පැනනැගීමෙන් පසු පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙස පවසන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ හමුවේ රාජපක්ෂලා පවසා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඊයේ (08) ඉල්ලා අස්වී ඇති අතර මැතිවරණයෙන් පසු යළිත් සුපුරුදු පරිදි දේශපලන කටයුතු සිදුකිරීමට හැකි බවත් රාජපක්ෂවරු පවසා තිබේ.

More News