නඩුව පැරදුනොත් ඥානසාර හිමි ජනපති තරඟයට!

නඩුව පැරදුනොත් ඥානසාර හිමි ජනපති තරඟයට!

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලාංකික පුරවැසියෙක් ලෙස වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද(04) තුන්වන දිනටත් සළකා බැලුණු අතර අද (04) සවස 6 අදාල තීන්දුව ලබා දීමට නියමිතව ඇත.

කෙසේ හෝ අදාල තීරණය ගෝඨාභයට අවාසිදායක වුවහොත් එළැඹෙන ජනාධිපතිවරණයට ඥානසාර හිමියන් ඉදිරිපත් වන බව ඒ හිමියන් හා සම්බන්ධ දේශපාලන අභ්‍යන්තර අරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව උන් වහන්සේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වනු ඇතැයිද පැවසේ.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී ගෝඨාභය රාජපක්ෂ හට අපේක්ෂකත්වය නොලැබුනහොත් ඔහු වෙනුවට ඉදිරිපත් කිරීමට තවමත් විකල්පයක් නොමැතිවීමත් හේතුකොට ගෙන ඥානසාර හිමියන් ඉදිරිපත් වෙනු ඇතැයි අදාල දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේවෙතත් මීට මාස දෙකකට පමණ ඉහතදීද ගෝඨාභයගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක්වීමේ අවදානමක් පැවති නිසා ශිරන්ති රාජපක්ෂ හෝ දිනේෂ් ගුණවර්ධන පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස Plan B යටතේ තබා ඇතිබව මින් පෙරත් News of Lanka ලිපියකින් හෙළිදරව්කරනු ලැබීය.

එය සනාථ කරමින් ශිරන්ති අපේක්ෂකත්වයට පත්කිරීමේ සූදානම පිළිබඳ සියලුම මාධ්‍ය විසින් රාජපක්ෂවරුන්ගෙන් එවකට විමසනු ලැබීමත් සමග එය සඟවනු ලැබීය.

More News