ගම්මන්පිල 'විසිරුණු මල්පෙති' ගැන කතා කරයි

ගම්මන්පිල 'විසිරුණු මල්පෙති' ගැන කතා කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙක් වන උදය ගම්මන්පිල විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විසුරවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් මතුකරන නීති තර්ක වලට පිළිතුරු ලබාදීම සඳහා ජනප්‍රිය ගීතයක් වන අතුල අධිකාරි විසින් ගයන 'විසිරුණු මල්පෙති' ගීතය ඉදිරිපත් කර තිබේ.

නීතීඥවරයෙක්ද වන උදය ගම්මන්පිල නීති තර්කවලට පිළිතුරු ලබාදීම සඳහා මෙවැනි ක්‍රම භාවිතා කලේ අද ඊයේ සිට නොවේය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසිරවීම සිදුකර මාස කිහිපයක් ගතවී තිබීම සහ නැවත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව කැඳවීම සිදුකල යුතු කාලසීමා පසුවීම යන කරුණු නිසාවෙන් වත්මන් ජනාධිපතිවරයාට රජයේ මුදල් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ව්‍යවස්ථාදායකයේ සහභාගිත්වය නොමැතිවීම යටතේ පත්ව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කරුණු පැහැදිලිකිරීමක් කිරීමට රජය තවමත් අපොහොසත්ව තිබේ.

Screenshot 2020 05 06 14.59.49

එවැනි වාතාවරණයකදී රජයේ නියෝජිතයන් ලෙස කටයුතු කරන, ලංකාවේ අධිකරණ පද්ධතිය වෙනුවෙන් දිවුරුම් දී ඇති පුද්ගලයන්ගේ කාර්යභාරය වන්නේ මෙලෙස 'බාල විහිළුවලින්' ජනතාව මුලාකරන්නට කටයුතු කිරීමද යන්න කල්පනා කළ යුතුය.  

අද වනවිට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන වික්ටර් අයිවන් ඇතුළු අට දෙනෙක් ජුනි 20 වැනි දින මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ත ිබේ. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමජිකයන්ද නම්කර තිබේ. මැයි ම 14 දින වනවිට මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුව තිබුණද මැතිවරණය අප්‍රේල් 25 පැවැත්වීමට නොහැකිවීම මත මැතිවරණ කොමිෂන් සභාව එය ජුනි 20 දක්වා කල්දැමීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පෙත්සම්කරුවන් කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක පසුවන්නේ පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීම සිදුනොකරන බවය. එය හුදෙක්ම ජනාධිපතිවරයාගේ පුද්ගලික කැමැත්ත මිස නීතිමය විධිවිධාන අනුව ලබාදී ඇති ස්ථාවරය නොවන බව පැහැදිලිය. එම තර්කය බිඳහෙලීමට රජය පාර්ශවයෙන් ප්‍රබල නීති තර්කයක් ඉදිරිපත්වීද නැත. එවැනි පසුබිමක රජය විසින් ජනතාව තුල මෙන්ම නීති  ක්ෂේත්‍රය තුලද මතුව ඇති වියවුල්සහගත සහ අනපේක්ෂිත තත්වය විසඳීමට කටයුතු කරනවා වෙනුවට බාල විහිළුවලින් රජය හිතවාදීන් චූන් කිරීමට උත්සහ කරනු පමණක් පෙනෙන්නට ඇත.

එසේම ජුනි 20 මැතිවරණය පැවැත්වීමට ඉතිරිව ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. මේ වනවිටත් රටතුල කෙරෝනා ආසාදිතියන් 550කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටියි. පසුගිය සති දෙක ඇතුලත පමණක් රෝගීන් 500කට ආසන්න පිරිසක් වාර්තාවිය. එසේම දිනපතා විවිධ ප්‍රදේශවලින් රෝගීන් හමුවෙමින් ඇත. ඒ නිසාවෙන් රටතුල මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් ඇතිද යන්න පිළිබඳ මහජනතාව තුල මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලද ගැටළුවක් ඇත.

සබැඳි පුවත්

ව්‍යවස්ථා අර්බුදයක් : විසඳුම් සොයා වික්ටර් අයිවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

මළමිනී හෝ රෝගීන් මතින් ගොස් ජන්දේ තියන්න බෑ