පොහොර ඉල්ලා ගොවියෝ විරෝධතාවයක

පොහොර ඉල්ලා ගොවියෝ විරෝධතාවයක

පොහොර ඉල්ලා මැදිරිගිරිය ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් ඊයේ (06) උදෑසන මැදිරිගිරිය ගොවිජන සේවා ම්‍යස්ථානයේ වහළය මතට ගොඩවී විරෝධතාවක නිරත වූහ.

මෙවර මහ කන්නයෙන් වගාකළ වී වගාව සඳහා මෙතෙක් පොහොර නොලැබීමට විරෝදය පළකරමින් ගොවීහු මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

පැයකට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස රැඳී සිටි අතර පොලොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා සංවර්ධන සහකාර කොමසාරිස් එච්.එම් කුලතුංග මහතා පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි දින දෙක ඇතුලත පොහොර මිටි 600ක් ලබාදෙන බවට වූ පොරොන්දුවීම මත විරෝධතාව අවසන් කෙරුණි.

මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී සරත් මහතා පැවසූවේ සහනාධාර පොහොර නොව අඩුම තරමේ ගොවි ජනතාවට මුදල් ගෙවා ලබා ගැනීමට අව්‍ය තරම් පොහො නිකුත් කළ යුතු බවයි.