යන ගමනට බාධාවක්නම් මාධ්‍යවේදියෙක්ගේ වුණත් කට වහන්න ‌වෙනවා : ‌ගෝඨාගේ කලා පවුර

යන ගමනට බාධාවක්නම් මාධ්‍යවේදියෙක්ගේ වුණත් කට වහන්න ‌වෙනවා : ‌ගෝඨාගේ කලා පවුර

“මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා” යැයි ඔහු කියා සිටියේය .අහෝ මෙවන් කලාකාර පවුරක්….?මොවුන් ගැන මෙන්ම ඔවුන් නායකත්වය ට පත්කරන්නට යන අපේක්ෂක යන් ගැන ජනතාවම බලාගනිත්වා . යැයි ජයසේකර අපෝන්සු පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (11)මාතර නූපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මූලස්ථානයේදී පැවැත්වුණු “කලා පවුර” සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ගෝඨාභය ට සහාය දක්වන ඔබ මාධ්‍යවේදීන් පැහැරගෙන යාම මරා දැමීම යන චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටි අතර අඒ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

කලා පවුර සංවිධානය නියෝජනය කරමින් වසන්ති චතුරානි,සංජීවනී වීරසිංහ ,කුසුම් රේනු,කුමාර සිරි පතිරණ ,ජයසේකර අපෝන්සු ඇතුලු කලාකරුවන් රැසක් මෙම අවස්ථා වට සහභාගී වී තිබිණි.