ජනාධිපතිවරණයට ‌පෙර ‌බෝම්බ පිපිරීමක් ගැන ඉරාන්ගෙන් පැමිණිල්ලක්

ජනාධිපතිවරණයට ‌පෙර ‌බෝම්බ පිපිරීමක් ගැන ඉරාන්ගෙන් පැමිණිල්ලක්

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු කරන්නට කිසියම් පිරිසක් සැලසුමක නිරතවන බව ට්විටර් පණිවිඩයක් ලැබීමෙන් පසුව ඊ‌‌යේ (06) මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා ‌වේ. 

බෝම්බ අනතුරු අගවමින් හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද ට්විටර් පණිවිඩයක් ලැබී තිබෙන පණිවිඩය නිකුත් කළ තැනැත්තා විසින් තමන්ව ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්නගේ පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිසා තමාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවර ගත්නැයිද රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මැතිවරණ කොමිසමටකර ඇති පැමිණිල්ලේ සඳහන්ය. ‌කෙසේවෙතත් ‌මෙවර ‌ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ ‌රෙජීමයේ ‌මැතිවරණ සටන් පාඨය වී ඇත්තේද ජාතික ආරක්ෂාවය. ‌

කෙසේ ‌හෝ බලය ලබා ගැනීමේ අරමුණින් ඒම පාර්ශවයෙන් යළිත් ජනතාව‌ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයකට පත් ඇතැයි කියමින් ඡන්ද ‌ගොඩ වැඩි කර ගැනීම උදෙසා ‌ෙබෝම්බ බියක්ජ ඇති කරවීමට ඒවැනි ‌දේ කළ වුවද කළ හැකි යැයි සමාජ මාධ්‍ය වල  අදහස්ද හුවමාරු විය.  

මුලාශ්‍රය lankaviews.