ඉන්ධන මිළ ඉහළ දාන්න ‌වෙනවා : නැත්නම් අපිට පාඩුයි

ඉන්ධන මිළ ඉහළ දාන්න ‌වෙනවා : නැත්නම් අපිට පාඩුයි

ඉදිරියේදී ඉන්ධන මිල වැඩි කිරීමට රජයට සිදුවන බවත්, මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා සදහන් කරන ආකාරයට දැනට ඉන්ධන ලබා දෙන්නේ රජය පාඩුව දරා ගනිමින් වන අතර 

අදාල පාඩුව දරා ගැනීම ජනතාව විසින් භාරගත යුතුය.

විශේෂයෙන් මේ වනවිට මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන දේශපාලන උණුසුම හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවත්, එවැනි තත්වයක් ඇති වුවහොත් ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්යයෙන් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

පසුගිය රජයේ මුදල් අමාත්‍ය වූ මංගල සමරවීර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර එහිදි ද මිල පාලනය කරමින් සහන මිලට ඉන්ධන ලබාදුන් අතර කිසිවිටෙකත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ තරමට හෝ මිල ඉහළ යන්න දුන්නේ නැත.

එහෙත් ඒ සමයේ පොදුජන පෙරමුණ ට සම්බන්ධ පාර්ශවය කියා සිටියේ මංගලගේ මිල සූත්‍රය ඉන්ධන මිල ඉහළ දමන මූල්‍ය අරමුදල් ලබාදෙන ගෝලිය සංවිධාන වල පදයට නැටීමක් ලෙසය.

ජනතාව වෙත වඩාත් අවාසි සහගත තත්ත්වයක් වන්නේ මේ ඉන්ධන මිල වැඩිවීම සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ අවධානම සහ ප්‍රවාහන වියදම් පවා ඉහළ යාමේ අවධානමක් මතුව තිබීමය.