ගෝඨා වගේ මිනිහෙක් රටට එපා : සජින් වාස් ශ්‍රීලනිප පාක්ෂකයින්ට කියයි

ගෝඨා වගේ මිනිහෙක් රටට එපා : සජින් වාස් ශ්‍රීලනිප පාක්ෂකයින්ට කියයි

ගෝඨාබය රාජපක්ෂගේ සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ තරම පිළිබඳව තමන් තරම් දන්නා වෙනත් කිසිදු පුද්ගලයෙක් නොමැති බවත්, ගෝඨාබය රාජපක්ෂ වැනි නිර්දය පුද්ගලයෙකු කිසිසේත්ම රටේ නායකත්වයට පත් නොවිය යුතු බවත් රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකුව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අම්බලන්ගොඩ සී-බ්‍රීස් හෝටලයේදී පැවැති හමුවකදී අම්බලන්ගොඩ, බලපිටිය, කරන්දෙනිය, රත්ගම යන ආසනවල ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් අමතමිනි.

බලපිටිය හිටපු ශ්‍රීලනිප ආසන සංවිධායකවරයා ද වන සජින් වාස් ගුණවර්ධන එහිදී තවදුරටත් පවසා සිටියේ, ඉතිහාසය පුරා මෙරට ප්‍රගතිශීලී බලවේගය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ ගෝඨාබය රාජපක්ෂ නොව සජිත් ප්‍රේමදාස බවයි.