ලැජ්ජයි ‌හිරිකිතයි : "පිටි මිළ ඉහළට" දෙරණ පුවත ‌බොරුවක්

 ලැජ්ජයි ‌හිරිකිතයි  : "පිටි මිළ ඉහළට" දෙරණ පුවත ‌බොරුවක්

අද මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි මිල රුපියල් 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇතැයි ‘දෙරණ’ නාලිකාව මීට සුලු මොහොතකට පෙර සිය එස්.එම්.එස්. පුවත් සේවය හරහා ජනතාව දැනුවත් කල අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද එම පුවත දක්වා තිබේ.

දෙරණ මාධ්‍ය ආයතනය පළකල මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සිට ටිවිටර් පිටුවේ සඳහන් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙන්නේ කැබිනට් අනුමත ජීවන වියදම් කමිටුවේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැංවිය නොහැකි බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට බේකරි නිශ්පාදනවල මිල ඉහළ යන බවට දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘අරුණ’ පුවත්පතේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති අතර එයද ව්‍යාජ පුවතකි.

නාගරික ප්‍රදේශවල සහ වතු කම්කරු ජනතාව අතර පාන් ඇතුලු බේකරි නිෂ්පාදන ඉතා ජනප්‍රිය බැවින්, වර්තමාන රජය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අපහසුතාවට පත්කිරීම මෙම ව්‍යාජ පුවත පළකිරීමේ අරමුණ වී තිබේ.

රාජපක්ෂ හිතවාදී මාධ්‍ය සහ සමාජජාල ක්‍රියාකාරීන් විසින් එක්වරම කලබලයට පත්ව ව්‍යාජ පුවත් පැතිරවීම පිළිබඳව ජනතාවගේ විශේෂ අවධානය යොමුවී තිබේ.

mangala samaraweera