මහා පිල් පැනීමේ තරඟය ඇරඹෙයි - පුංචිනිලමේ සහ නියෝමාල් UNP යට..

මහා පිල් පැනීමේ තරඟය ඇරඹෙයි - පුංචිනිලමේ සහ නියෝමාල් UNP යට..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂය හැරි ගිය සාමාජිකයන්ට සහ පක්ෂයට එක්වීමට කැමති සාමාජිකයන්ට පක්ෂයට පැමිණෙන ලෙස සිදුකල ආරාධනයට මේ වනවිට එ.ජා.ප යේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක් පක්ෂය වෙත නැවත පැමිණෙමින් සිටින අතර එම විවෘත ආරාධනාව කළ සැණින්ම එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක ලිපියකින් දන්වමින් නැවත සජිත් ඇතුළු එ.ජා.ප යට සහය දීමට තීරණය කරන ලදි. 

එම ලිපියේ තිස්ස අත්තනායක ඉතා වැදගත් කරුණක් අවධාරණය කර තිබුණේ තමන් විසින් 2015දී එ.ජා.ප ය විසින් මෛත්‍රීපාල සිරිසේනට සහය දීමට විරුද්ධවීමේ තීරණය කොතරම් නිවැරදිද යන්න අද ඉතා පැහැදිලිව පෙනෙන බව සඳහන් කර තිබිණි. එසේම තමන් විසින් දැන් ගනුලබන තීරණයද එලෙසින්ම තීරණාත්මක බව හෙතෙම වැඩිදුරටත් දන්වා තිබුණි. එසේම පක්ෂය හැරදා ගිය උපාලි පියසෝම ද නැවත සජිත්ට සහය දෙන්නට පක්ෂයට එක්වීය.

එසේම මැතිවරණයකදී ඉතා පොදු ලක්ෂණයක් බවට පත්ව ඇති පක්ෂ මාරු කිරීමේ තරඟය අරඹමින් මෙතෙක් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවට සහය දෙමින් සිටි සුසන්ත පුංචිනිලමේ සහ නියෝමාල් පෙරේරා එ.ජා.ප යට එක්වන්නට නියමිත බවද වාර්තා වේ. ඒ හැරුණු කොට තවත් විශාල පිරිසක් එ.ජා.ප යට එක්වීමට නියමිතය.

නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙමින් පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බවද අනාවරණය විය.

More News