කොරෝනා අස්සේ තවත් ගේමක් : හමුදා පාලනයක් ඉල්ලයි

කොරෝනා අස්සේ තවත් ගේමක් : හමුදා පාලනයක් ඉල්ලයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම අවසන් වන තුරු රට තුළ හමුදා පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහන් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම යෝජනාව සිදු කර ඇති අතර ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්‍රාර්ථනාවද බවද ඔහු සටහන් කර ඇත.

කොවිඩ් 19 වෛරසය රට පුරා ව්‍යප්තවීම වැළැක්වීම සඳහා සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන මෙන් ඉල්ලා සිටිය ද රජයෙන් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කොට ඇත්තේ රජය මේවනතෙක් පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කර නොමැතිබවයි.

එපමණක් නොව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ මේ මොහොතේ සියලු දෙනා දේශපාලන වුවමනාවන් පසෙකලා කටයුතු කළ යුතු බව යි.

මෙම අවස්තාව මැතිවරණයක් පැවැත්වීමට නොව මිනිසා ජීවිත් කර විය යුතු කාලයක බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

මෙම වෛරසය මැඩලීම සඳහා රජය වෙත විපක්ෂයේ නායකයින්ගේ සහායද මෙලෙස පළකර තිබෙද්දී පවා හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මෙසේ පවසන්නේ කොරෝනාවට මුවා වී හමුදා පාලනයටක අර ඇදීමක්දෝ සැකසහිත බව දේශපාලන විචාරකයින් අදහසද වී තිබේ.