වෛද්‍යවරු අමාරුවේ දාන්න එපා, රතු පටියක් බැඳන්යන්න

වෛද්‍යවරු අමාරුවේ දාන්න එපා, රතු පටියක් බැඳන්යන්න

කොරෝනා ව්‍යාපෘතිය පාලනය කිරීම හා ඉන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බේරා ගැනීමේ අරමුණින් සැක සහිත රෝගීන් රෝහල් වෙත පැමිණීමේ දී රතු පටියක් අතේ බැඳ පැමිණෙන ලෙස නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක ඉල්ලීමක් කරයි.

මෙය පළමුව නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරන අතර මෙහි සාර්ථකත්වය මත ඉදිරියේ දී රට පුරා ක්‍රියාත්මක කිරීමටද යෝජිතයි.

පසුගිය දිනක කොරෝනා ආසාධිත කාන්තාවක් මාරවිල රෝහලට පැමිණ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය පරික්ෂා කිරීම සිදුකල හෙදියක්
හා රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන් රෝගී වූ අතර පසුව මේ දෙදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සිදු විණි.

එසේම හලාවත මහා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුටද මේ වන විට ස්‌වයං නිරෝධායනයට ලක්වීමට සිදුව තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමනට කොරෝනා වැළදී ඇති බව සැක කරන්නේ නම් රතු පටියක් දකුණු අතේ ඉහළ බැඳ රෝහලකට පැමිණෙන ලෙස නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක ඉල්ලා සිටියි.