ඇඳිරි නීතිය අතරේ 'ළමා අපයෝජනත්' ඉහළ යයි!

ඇඳිරි නීතිය අතරේ 'ළමා අපයෝජනත්' ඉහළ යයි!

ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වාර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිමහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි. පසුගිය දිනවල වාර්තාවූයේ ඇඳිරි නීති සමයේ කාන්තාවන්ට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා වන අනතුරු ඉහළ ගොස් ඇති බවටය. මෙම කාරණා දෙකම ඉතා ඛේදජනක තත්වයක් පෙන්වා දෙන බව සැලකර සිටියි.

මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි. බොහෝවිට ඇඳිරි නීති තත්වය නිසා නිවසේ පීඩනයෙන් ගතකරන වැඩිහිටියන් විසින් ළමා අපයෝජන වෙත යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව අදාල සිදුවීමෙන් නිගමනය කල හැකිය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් අපයෝජකයා සහ වින්දිතයා වන දරුවන් ද නිවසට කොටුවී සිටීම මෙයට හේතුවක් බවයි. එවැනි තත්වයක් යටතේ පවතින වසංගත සමයේ දරුවන් අපයෝජනවලින් ආරක්ෂා කරීමට ආරක්ෂක අංශවලට අවධානය යොමුකරන්නට සිදුවීමද තවත් බරපතල ගැටළුවක් නිර්මාණය කරන්නක් බවට පැහැදිලිය.

ළමා අපයෝජනයක් යනුවෙන් හැඳින්වෙන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි. ඇඳිරිනීතිය පැනවීමට පෙර ළමයින් සම්බන්ධ පැමිණිලි දිනකට 40ක් පමණ ලැබුණු අතර ඉන් 10% පමණ ළමා අපයෝජන සම්බන්ද පැමිණිලි විය.ඇඳිරිනීතිය පැනවූ පසු ගත වූ දින 07ක කාලයේ දී ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 111 කි. ඉන් පැමිණිලි 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි බව සභාපතිවරයා සඳහන් කළේය.

More News

ඇඳිරි නීතිය අස්සේ කාන්තාවන් ගණනාවක් ගුටිකා රෝහලේ!