සාමාකාමී මිනිසුන්ගේ උද්ඝෝෂණයට ‘මිලේච්ඡයන්ගේ’ ප්‍රහාරයක්

සාමාකාමී මිනිසුන්ගේ උද්ඝෝෂණයට ‘මිලේච්ඡයන්ගේ’ ප්‍රහාරයක්

අද(09) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් ඇමරිකාව තුල කළු ජාතික ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මකවීමට විරෝධය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය අවසන් වන්නේ පොලීසියේ මිලේච්ඡ ප්‍රහාරයකින් සහ 42 දෙනෙක් පහරදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

මෙම සාමකාමී විරෝධතාවය පැවැත්වීමට එරෙහිව ඊයේ පොලීසිය විසින් හදිසියේම අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති. විමතියට පත්විය හැකි කරුණ වන්නේ පසුගියදා අභාවප්‍රාප්ත තොණ්ඩමන් ඇමතිවරයාගේ දේහය දවස් ගණනක් තිස්සේ අමු අමුවේ නිරෝධායනය නීති කඩකරමින්, ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මැතිවරණ සංදර්ශනයක් උදෙසා භාවිතා කරද්දී පොලීසිය උසාවි නියෝග නොගත්තේ ඇයිද යන්නය.

කෙසේ වෙතත් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මීටරයේ පරතරය තබාගෙන සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණ පවා පැළඳ පැවති උද්ඝෝෂණයට සහභාගීවූයේ පනහක හැටක පමණ පිරිසකි. නමුත් පොලිසියේ කැරලි මර්ධන ඒකකයේ සහ සාමාන්‍ය පොලිස් නිලධාරීන් තුන් හාර සීයක් කොල්ලුපිටිය ප්‍රදේශය පුරා ස්ථානගතකර සාමකාමී විරෝධතාවයට මිලේච්ඡ ප්‍රහාරයක් එල්ලකිරීමේ වුවමනාව පසුපස සිටින්නේ කව්ද යන්න සමාජ මාධ්‍ය පීරමින් රවුමක් ගැසුවහොත් හොයාගැනීමට අපහසු නැත.

කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මෙම ප්‍රහාරයට සක්‍රීයව සම්බන්ධවී සිටි ආකාරයද රූපරාමුවල පෙනෙන්නට ඇත. කාන්තාවන් ඇතුලු පිරිසට පහර දෙමින් පොලිස් ජීප් රථ තුලට විසිකරන්නේ ඉතා කෲර ආකාරයෙන්ය. මේ සිදුවීම ඉතා පිළිකුල්සහගතව හෙළාදැකීමට පක්ෂ භේදයකින් තොරව මේ වනවිටත් බොහෝ දෙනෙක් පෙළඹී ඇත.

විශේෂයෙන්ම කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේදී කාන්තා පොලිස් නිලධාරිනියක් සිටීම අනිවාර්ය තත්වයකදි කොළඹ නගර මධ්‍යයේ කාන්තාවන් අත්අඩංගුවට ගන්නේ පිරිමි පොලිස් නිලධාරීන් පිරිසකි. ඔවුන් කුදලාගෙන යන්නේ ත්‍රස්තවාදීන් පරිද්දෙනි. ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ නිරායුධ සිවිල් විරෝධතාවයකට එරෙහිව මර්ධනය දියත්කල පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වේ.

 twitter4

twitter4

twitter4