බැංකු හොරුන්ටයි සුනාමි හොරුන්ටයි දෙගොල්ලන්ටම දඬුවම් දිය යුතුයි

බැංකු හොරුන්ටයි සුනාමි හොරුන්ටයි දෙගොල්ලන්ටම දඬුවම් දිය යුතුයි

ඉදිරියේදී තම ආණ්ඩුවක් යටතේ වංචා සහ දූෂණ වලට සම්බන්ධ සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

ගාල්ල ඇල්පිටිය ප්‍රෙද්ශයේ ඊයේ(07) පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නඩු පරාද වූ බවත් තම පක්ෂයට අවශ්‍ය ඇත්තේ නීතියේ අධිකරණ ඉදිරියේ ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාතා අධිකරණය ඉදිරියේ පරාජය කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න පෙන්වා දෙන්නේ මහබංකු මංකොල්ල කාරයන්ට දඬුවම් දෙන ලෙසම සුනාමි සල්ලි මංකොල්ල කාපු අයටද දඬුවත් ලබා දිය යුතු බවයි.

More News