ඉන්දියාවේ Pad man අරුනාචලම්ගෙන් සජිත්ට ප්‍රශංසා

ඉන්දියාවේ Pad man අරුනාචලම්ගෙන් සජිත්ට ප්‍රශංසා

අරුනාචලම් මුරුගනාදන් හෙවත් Pad Man සිය පුද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තමන් විසින් ඉන්දියාවට හඳුන්වාදුන් අඩු වියදම් කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ මාතෘකාවක්වීම සම්බන්ධයෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ. සජිත් ප්‍රේමදාස විසින් කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් පලවූ පුවතද සඳහන් කරමින් ඔහු මෙම සටහන තබා ඇත.

දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි අරුනාචලම් විසින් හඳුන්වාදුන් අඩු වියදම් කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් ලෙසින් අද ලොව පුරා ප්‍රචලිත වී ඇති අතර, එය ලංකාවේ ජනාධිපතිධූර අපේක්ෂකයෙක් සිය ප්‍රතිපත්ති අතරේ තබා සඳහන් කිරීම අරුනාචලම් ඉතා සතුටින් යුතුව සඳහන් කර තිබේ. එසේම සජිත්ට එරෙහිව සමාජ මාධ්‍ය තුල Pad Man නමින් අපහාසාත්මක ප්‍රහාර එල්ලකරද්දි ඔහු විසින්ම තමන් Pad Man කෙනෙක් ලෙසින් හැඳින්වීම සම්බන්ධයෙන් ආඩම්බරවන බව පවසා තිබීමද අරුනාචලම් ඉතා අභිමානයෙන් සඳහන් කර ඇත.

රටවල්වල දේශපාලනඥයින් කාන්තාවන්ගේ ආර්තව සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුම සමයක අසල්වැසි රටේ එක් දේශපාලන නායකයෙක් හෝ ඒ පිළිබඳ අදහස් දැක්වීම පිළිබඳව අරුනාචලම් ලොවට ලියා ඇති අතරම බංගලාදේශයේද කාන්තාවන් සහ අවතැන් කාන්තාවන් අතර මෙම සංකල්පය ප්‍රචලිතවෙමින් ඇතිබවද සඳහන් කර තිබේ.

එවැනි වටපිටාවක සජිත් ප්‍රේමදාස විසින් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ සංකල්පයට එරෙහිව ගල් මුගුරු විසිකල පාර්ශවයන් විසින් අද (02) රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීමට නියමිතව තිබූ Pad Man චිත්‍රපටයද ප්‍රචාරය නොකරන ලෙසට මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබේ.

More News