අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ දැනට සිංගප්පූරුවේ ජීවත්වන බවට විශ්වාසකරන එවකට මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිය නම වෙනස්කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවයි.

ඒ නිසා ඔහු අල්ලා ගැනීමට නැවත වතාවක් ලංකාවේ රජයට ලිපිගොනු සකස්කර දුෂ්කර කර්තව්‍යයන්හි නිරතවීමට සිදුවනු ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදි.

‘මගේ කාලයේ මම ඉන්ටර්පෝල් එකට ලියලා ලියලා අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්න අවශ්‍ය කටයුතු කෙරුවා..ඒ අතරේ මගේ ආණ්ඩුවෙම පිරිසක් ඉන්ටර්පෝල් එකට ලියලා තිබුණා මේක වංචාවක් නෙවෙයි දේශපාලන ගැටුමක් කියලා.. ඒ නිසා පස්සේ ඉන්ටර්පෝල් එක මේ සිදුවීමට මැදිහත්වුණේ නෑ.. එහෙම තියෙද්දි ආයෙත් මට සිද්ධවුණා ඉන්ටර්පෝල් එකට ලිපි යවන්න අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩගුවට ගන්න කියලා’

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ මාධ්‍ය හමුවේදී අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස්කරගෙන ඇති බවට තමන්ට තොරතුරු වාර්තාවූ ආකාරය හෝ මූලාශ්‍රය හෙළිදරව් නොකල අතරම ඔහු වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහෙන්ද්‍රන් නීති හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙසයි.

මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට සූදානම්ව පැවති වටපිටාවක විවාහ මංගල්‍යයකට සහභාගීවන බව පවසමින් හෙතෙම ලංකාවෙන් පිටව ගිය අතර ඒ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසීමකදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් අනිවාර්යයෙන්ම නැවත පැමිණෙනු ඇති බවත්, තමන් ඒ සම්බන්ධයෙන් ඇප වන බවත්ය.

නමුත් ඉන් පසු අර්ජුන් මහේන්ද්‍රන් කිසිඳු අවස්ථාවක ලංකාවට නොපැමිණි අතර, සිංගප්පූරුවේදී ගනු ලැබූ ඡායාරූපයක ඔහු සිටින ආකාරය සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් පැවතිණි.

Watch Now>> ලොව ධනවත්ම නිල් චිත්‍රපට නිළියන් 10 දෙනා (වීඩියෝ)