අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් : රැඳවියන් 2 මරුට (update))

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් : රැඳවියන් 2 මරුට (update))

update - අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අවස්ථාවේ කිසිඳු රැඳවියෙකු පළාගොස් නොමැති බව වාර්තා වෙයි. 

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසන්නේ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරුකර ඇති බවය.

..................................................

අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් එක් රැඳවියකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර පවසයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානියකු ගෙන් කළ විමසීමකදී පැවසුයේ, අනුරාධපුර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියකුට කොරෝනා අසාදනයවී ඇතැයි රාවයක් පැතිර යාමත් සමග මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇති බවයි.

කෙසේවෙතත් කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු මීට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනාගැනුණු අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

එම සිද්ධියත් සමඟ බන්ධනාගාරයේ රැඳවූවන් අද (21) උදැසන සිට නොසන්සුන්කාරී ලෙස හැසිරි තිබේ.

අද (21) දිනයේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් පස් දෙනෙක් සොයා ගැනීමට හැකිවූ අතර ඒ අනුව මේ වන විට මෙරටින් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද(21) දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබිණ.

prison 1