කොරෝනා නිසා දිවයිනේ සියළුම පාසල් වසාදමයි

කොරෝනා නිසා දිවයිනේ සියළුම පාසල් වසාදමයි

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ සියලූම පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කරතිබේ.

ඒ අනුව පාසල් සඳහා ලබා දෙන අප්‍රේල් නිවාඩුව හෙට(13) දිනයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත් වෙයි.