අප්‍රේල් විරු සමරුව : සජීවීව දෙන්නේ මෙහෙමයි

49 වන අප්‍රේල් විරු සමරුව අදට දී තිබේ. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන සමරු වැඩසටහනඅ ද (05) ‌පෙ.ව. 10.00 සිට facebook පිටු ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

www.facebook.com/anurakumara

www.facebook.com/jvpsrilanka

පෙරටුගාමීගේ සමරු වැඩසටහන -සජීව විකාශය සවස 3.00ට

අද (5) දිනට යෙදෙන 1971 අප්‍රේල් අරගලයේ 49 වැනි සමරුව නිමිත්තෙන් පෙරටුගාමී පක්ෂය විසින් පවත්වන සමරු වැඩසටහන, අද සවස 3.00ට සජීව විකාශයක් ලෙස Facebook සහ Youtube ඔස්සේ විකාශය කිරීමට එම පක්ෂය විසින් පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධව දැනුවත් කරමින් එම පක්ෂය මාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

''මේ වනවිට කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සමාජයක අපි, එම වසංගතය පරාජය කිරීමේදී අපේ මිනිස් වටිනාකම්, නොපසුබස්නා ධෛර්යය සහ අන්‍යෝන්‍ය සහයෝගිතාව වඩාත් උනන්දුවෙන් ආරක්ෂා කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වාස කරයි.

එම වටිනාකම් සහිත මැදිහත්වීමක් අප විශ්වාසකරන ආකාරයට මේ ගෝලීය වසංගතයෙන් ලෝකය මුදාගැනීමට මෙන්ම සමාජවාදී ජයග්‍රහණ වෙතද මාවත විවර කරනු ඇත.

''අද අප විසින් භුක්ති විඳින සමාජ අයිතිවාසිකම් දිනාගන්නට සටන් කළ ජීවිත කැප කළ මිනිසුන් සිහිපත් කිරීම මේ මොහොතේ අතිශයින් ම වැදගත්වේ. ඔවුන් ගෙන ගිය අරගලයේ අත්දැකීම්, ලබාදුන් ආදර්ශ වත්මන් සමාජයේ පොදු ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරන ජනතා ක්‍රියාකාරින්ට අගනා පාඩම් ගෙන එන බව අපගේ විශ්වාසයයි. ''

ඒ නිසාම අතීතයේ සමාජ ජයග්‍රහණ වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන්ට එහි ගරුත්වය අනිවාර්යයෙන් ලබා දිය යුතු වේ. 1971 අප්‍රේල් අරගලයේදී සමාජ විමුක්තිය වෙනුවෙන් අරගල කළ මිනිසුන් අපගේ ගෞරවාදරයට ලක්වන්නේ ඒ අරුතිනි.

අද (05) ලංකාවේ වෙලාවෙන් සවස 3.00ට ඔබත් එකතුවන්න.

Facebook www.facebook.com/frontlinesocialist

Youtube www.youtube.com/flsocialistparty=