ත්‍රිපෝෂ නිෂ්පාදනය නවතියි : සේවකයින් 300ක් ගෙදර

ත්‍රිපෝෂ නිෂ්පාදනය නවතියි : සේවකයින් 300ක් ගෙදර

සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය සමාගමක් වන ජාඇල ති‍්‍රපෝෂ කම්හල බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා වසා දමා ඇති බව ‘ලංකාදීප’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ත‍්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා මිලදී ගනිමින් තිබුණේ රුපියල් 58 බැගින් වුවද මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා රු. 55ක පාලන මිලක් නියම කරන්නට රජය පියවර ගැනීමෙන් මෙම තත්වය උද්ගතව ඇත.

මේ වනවිට කම්හලට අවශ්‍ය බඩඉරිඟු සඳහා රු. 55 ට ආසන්න මිලකට ටෙන්ඩර් පත‍්‍රිකා ඉදිරිපත් නොවූ බව ත‍්‍රිපෝෂ කම්හලේ නිලධාරියෙක් ලංකාදීප පුවත්පතට පවසා ඇත.

ත‍්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොලේ අලෙවියට පොදුවේ අලෙවි කරන්නකි. සුපෝෂ සදහා මේ වනවිට විශාල ඉල්ලූමක් ඇති බවත් ඒ සදහා මසකට රු. මිලියන 75 ක පමණ අලෙවියක් පවතින බවත් හෙතෙම සදහන් කළේය.

මෙසේ ගෝඨාභය ආණ්ඩුව විසින් බඩඉරිඟු සඳහා පාලන මිලක් නියම කිරීම හේතුවෙන් ඒම කම්හලේ සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස සති තුනක පමණ සිට නිවෙස්වල රැදී සිටින බවත් කියති.

මේ හේතුවෙන් සති දෙකක් පමණ තිස්සේ බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂ හා සුපෝෂ නිපදවීම මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත‍්‍රීපෝෂ නවතිනු ඇතැයි ද වෙළද පොලේ සුපෝෂ හිඟයක් ඇතිවනු ඇතැයි ද දැනගන්නට ඇත.