ගෙවුණු පැය 24ට කොරෝනා ආසාදිතයින් 0යි : එළියේ 552 ඉන්න පුළුවන් - GOMA

ගෙවුණු පැය 24ට කොරෝනා ආසාදිතයින් 0යි : එළියේ 552 ඉන්න පුළුවන් - GOMA

අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

23 වන දින වනවිට මෙරටින් වාර්තා වූ කොරොනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102ක් විය.

එදින පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05දෙනෙකු වාර්තා විය.

මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ අතර විදේශිකයින් 06 දෙනෙකුද වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පුද්ගලයින් 97 දෙනෙකු අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 27 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කළුතර නාගොඩ රෝහලේ පුද්ගලයින් 12දෙනෙකු ද හම්බන්තොට මුලික රෝහලේ පුද්ගලයින් 11 දෙනෙකුද , කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 10 දෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

මෙරටින් කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර පුද්ගලයින් ‍තිදෙනෙක් මේ වන විට අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයන් 552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවටත් අනුමාන කරන බවයි

එහෙයින් මෙම ව්‍යසනයෙන් ගැලවීම සඳහා ජනතාවට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ද රජයට ජනතාවගේ අවශ්‍යතා ලබා දෙන අතර හැකි තරම් ජනතාව සංසරණය වීම වැළැක්වීමට ද පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ සම්පුර්ණ නිවේදනය මෙම පුවත අවසානයේ දක්වා ඇත.

GMO latter 2020.03.25