ග්‍රාමසේවක එපා කියලා ගෙනාපු චණ්ඩියා දැන් නොන්ඩියා වෙලා

ග්‍රාමසේවක එපා කියලා ගෙනාපු චණ්ඩියා දැන් නොන්ඩියා වෙලා

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් රෝගීන් වැඩි වෙමින් පවතින බවත් එවැනි පසුබිමක  රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව

වෙනුවෙන් නිසි පිළියම් රජය විසින් ගෙන ඇති බවක් පෙනෙන්නට නැතැයි  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සමන්ත විද්‍යාරත්න පවසයි.

ජනවාරි මාසයේ ප්‍රථම රෝගියා වාර්තා වූ අවස්ථාවේ නිරෝධායනය සම්බන්ධයෙන් නිසි පරිදි අවශ්‍ය තීරණ ගනු ලැබුවේනම් මෙම රෝගයට මෙතරම් අප බිය විය යුතු නැති බවද ඔහු පෙන්වාදෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහුමෙසේද පැවසීය.

පසුගිය දිනක ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ ගැටලුව හමුවේ රටේ ජනතාව බලාපොරොත්තු වූ සෞඛ්‍ය විසදුම් වෙනුවට තමන්ට අවශ්‍ය තීරණ ගැනීමට බලය නොමැති බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් ලබාදෙන ලෙසත් දේශපාලන කතාවක් සිදුකර අවසානයේ සුපුරුදු පරිදි ජනතාව ඇන්දවීම සඳහා පරිප්පු 65/-කටත් සැමන් 100/-කටත් ලබා දුන් බව පැවසුවා.

පසුගිය කාලයේ ග්‍රාමසේවක මහතෙක් පාලනය කල රටට චන්ඩියෙක් දැමීමෙන් යම්කිසි වෙනසක් සිදුකල හැකි බව සිතා චණ්ඩියාට රට භාර දී තීන්දු හරියට ගනීවි,අන්තවාදයට පහර දෙයි චණ්ඩි විදියට මේක පාලනය රටේ ආරක්ෂාව හදයි බුද්ධිමත් විදියට රට පාලනය කරයි ඍජු තීරණ ගනිවීයැයි කියා ජනතාව සිතු බවත්, චණ්ඩියා දාලත් දැන් නොන්ඩි වෙලානේ තියෙන්නේ යැයිද ඔහු පැවසීය.