දියුණු රටවලත් සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නෑ : ආණ්ඩුව මොකද කරන්නේ..?

දියුණු රටවලත් සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නෑ : ආණ්ඩුව මොකද කරන්නේ..?

ලොව ඇතැම් දියුණු රටවල් පවා කෙරෝනා වෛරසයට මුහුණ දීම සඳහා තම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයට පත් කර ඇති බවත්, ඊට මුහුණ දීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක් දැයි වහා ජනතාව හෙළි කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

ඇමෙරිකාව, යුරෝපය සහ අසියානු රටවල් මුහුණ දීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහ සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

මෙම තත්ත්වය මත කොරෝනා වෛසරසයට මුහුණ දීම සඳහා ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට රජය විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

එමෙන්ම පාසල් දරුවන්ට නිවාඩු ලබා දීම එක් යහපත් පියවරක් ලෙස තමා දකින බවද ඔහු පෙන්වාදෙයි