සජිත් විපක්ෂ නායක

සජිත් විපක්ෂ නායක

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (05) පස්වරු 03.00 ට පැවැත්විමට නියමිතව තිබේ.

මෙහිදී පක්ෂයේ නායකත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් විපක්ෂ නායක ධුරය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සදහන් කළේය. 

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 09.00ට පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඊයේ(04) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ ‌දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ‌පෙන්වා ‌දෙන පරිදි සජිත් ‌ප්‍රේමදාස විපක්ෂ නායක ‌ලෙසින් කටයුතු කරන අතර ‍ රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂ නායක ‌ලෙස කටයුතු කරනු ඇති බවටත් ‌මේ වනවිටත් සාකච්ඡා ‌කොට තිබේ.