මුහුණු ආවරණ අව් කණ්නාඩි එපා : මැකෝ ඉල්ලයි

මුහුණු ආවරණ අව් කණ්නාඩි එපා : මැකෝ ඉල්ලයි

ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ට ඡන්ද භූමියේ දී ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වීම අවහිර වන අව් කණ්ණාඩි හා මුහුණු ආවරණ සියල්ල ඡන්ද පොළට ගෙන ඒමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඉල්ලා සිටී.

ඊයේ(14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව  පැවසීය.

ඒ් අනුව ඡන්දය පාවිච්චි කිරීමට පාවිච්චි කිරීමට පැමිණෙන අය විශාල අව් කණ්ණාඩි හා මුහුණු ආවරණ පැළඳ සිටීනම් ඡන්ද පොළ තුළ දී අනන්‍යතාවය පරීක්ෂා කරන නිලධාරියාට එම මුහුණු ආවරණ හා අව් කණ්ණාඩි යන ආදිය ඉවත් කර, ස්වකීය මුහුණ ප්‍රදර්ශනය කළ යුතුවේ.  

එමෙන්ම එම ආවර්ණ නැවත පැළඳිය හැක්කේ, දෙවන නිලධාරියා විසින් නම හඬ නඟා පැවසීමෙන් අනතුරුව ස්වල්ප මොහොතක් ගත වීමෙන් පසුවයි.

ඡන්ද නියෝජිතයින්ට ඔවුන්ගේ අනන්‍යතාවය සැකහැර දැන ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය සිදු කරන අතර   තේරීම්බාර නිලධාරිගේ හෝ මැතිවරණ කොමිෂන් සභාවේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකුට ඡන්ද පොළ තුළ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

එමෙන්ම ඡන්ද පොළ තුළ ජංගම දුරකථන භාවිතා කළ හැක්කේ ජ්‍යෙෂ්ඨ ඡන්දස්ථානාධිපතිවරයාට හෝ ඔහුගේ අවසරය ඇති, නිලධාරියෙකුට පමණක් වන අතර  කිසිදු දේශපාලඥයෙකුට හෝ ප්‍රභූවරයෙකුට , කිසිදු අංගාරක්ෂකයෙකුට ඡන්ද මධ්‍යස්ථානය තුළට පැමිණීමට අයිතිවාසිකම් නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.