මඩකළපුවේ වාකරේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවකුගේ නිවෙසකට ඊයේ රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ප්‍රහාරයෙන් නිවැසියන් සුළු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරය එල්ල කරන ලද්දේ පිල්ලෙයාන්ට සම්බන්ධ කණ්ඩායමක් බවට තොරතුරු අනාවරණය වෙයි.
LTTE සංවිධානයේ හිටපු නායකයකු වන පිල්ලෙයාන්ගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මඩකළපුව ප්‍රදේශයේ මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටින අයුරු දැක්වෙන ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත්වී තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.