හකීම්ට රිෂාඩ්ට සැරට ගහන්න එපා : බැසිල් කියයි

හකීම්ට රිෂාඩ්ට සැරට ගහන්න එපා : බැසිල් කියයි

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරුන්ට නිර්දය ලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ  සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් ලෙස ඔවුන්ව විවේචනය කළත් ත්‍රස්තවාදී චෝදනා එල්ල කිරීමේදී ප්‍රවේශම් විය යුතු බවයි ඔහු පවසා ඇත.

ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ ද නොවැම්බර් 18 වනදා සිටම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමේ සටන ආරම්භ වන බැවින් එහිදී වඩාත්ම තීරණාත්මක සාධකය වන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගත නොහැකි වන තත්වයක් නිර්මාණය කරගත යුතු නොමැති බව බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගත්ත ද ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොමැති නිසා හකීම් සහ බදූර්දීන් සතු මන්ත්‍රී ධුර 12 සහාය ලබා ගැනීම අනිවාර්යයක් වන බවත් බැසිල් පෙන්වා දී තිබේ.