පොහොට්ටුවේ මන්ත්‍රීවරු එජාපෙ සමඟ එකතු වෙන්න අහනවා - කාවින්ද

පොහොට්ටුවේ මන්ත්‍රීවරු එජාපෙ සමඟ එකතු වෙන්න අහනවා - කාවින්ද

මේ වන විට පොදු ජන පෙරමුණේ ප්‍රධාන මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වීමට කථා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

අද(27) උදෑසන ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඒහා සමානව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වීමට කථා කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, සියලු දෙනාට එකතුවිය හැකි සන්ධානයක් ගොඩ නඟා ඇතැයි ද පැවසීය.

සන්ධානය මගින් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාව පැහැදිලි ලෙසම ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයන බවත් පැවසු මන්ත්‍රීවරයා, රැකියා ප්‍රශ්න, ආර්ථික හා සියලු ප්‍රශ්න ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කිරීමට නියමත බවත් සඳහන් කළේය.

2010 මැතිවරණයේ දීත් 2015 පොදු සන්ධානයකින් ඉදිරිපත් වීමට හංසයා ලකුණ භාවිතා කළ බවත් පැවසු ඒ මන්ත්‍රීවරයා ඒ අනුව විශාල පුළුල් බලවේගයක් සැකසීමේ අරමුණින් මෙවරත් හංසයා ලකුණින් සජිත් ප්‍රේමදාස තරග කරන බවත් පැවසීය.