ශවේන්ද්‍ර හමුදාපති කිරීමට විරෝධය: ශ්‍රී ලංකා හමුදා භටයින්ට සාම සාධක මෙහෙයුම් තහනම්

ශවේන්ද්‍ර හමුදාපති කිරීමට විරෝධය: ශ්‍රී ලංකා හමුදා භටයින්ට සාම සාධක මෙහෙයුම් තහනම්

එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට තීරණය කර ඇති බව foreignpolicy.com වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

වත්මන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් එම තීරණය ගෙන ඇතිබව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් foreignpolicy.comවෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර සිටියි.

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේ අවසාන අදියරයේදී (2009) ශවේන්ද්‍ර සිල්වා විසින් නායකත්වය දෙන ලද 58 වෙනි බලකාය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවටත් ඒ අනුව ඔහු මානව හිමිකම් උල්ලංඝණය කළ බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම චෝදනා එල්ල කරනු ලැබිය.

විදේශ ප්‍රතිපත්තියට අනුව එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සිදුකරනු ලබන රටවල් හයකට ශ්‍රී ලංකාව විසින් කරන ලද දායකත්වය පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්තුතිය පුද කරන නමුත්, වත්මන් යුධ හමුදාපතිවරයාගේ පත් කිරීමත් සමග එය ඉදිරියට පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් ප්‍රකාශ කර සිටියි.

දැනට සේවයේ යෙදි සිටින ලාංකික භට පිරිස්වල කාල සීමාව සම්පුර්ණ වීමෙන් අනතුරුව ලබන මාසයේ සිට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික හමුදා යෙදවීම අත්හිටුවනු ඇති බව වාර්තා වේ.

අදාල foreignpolicy.comවාර්තාව පහත පළවේ.

PHOTO 2019 09 25 21 13 07