සුළු පක්ෂ එක රොදට සජිත් වටා බැඳේ - රනිල්ගේ කල්ලිය හුස්ම අදියි

සුළු පක්ෂ එක රොදට සජිත් වටා බැඳේ - රනිල්ගේ කල්ලිය හුස්ම අදියි

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලතම ශක්තියක් වන එය හා බැඳුණු සුළු පක්ෂ සියල්ලේම සහය යෝජිත ජනාධිපතිධූර අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාසට ලබාදීමට අද(19) එකඟතාවය ප්‍රසිද්ධියේම පළකර ඇතිබව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා ඇත. තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් මගින් මීට සුළු මොහොතකට පෙර මේ පිළිබඳ දන්වා තිබේ.

ඒ අනුව මෙතෙක් එක්සත් ජාතික පෙරමුණ හා බැඳී සිටි කුඩා පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්. පී.දිගම්බරන් සහ රිශාඩ් බදුර්දීන් මෙලෙස සහය ලබාදෙන බවට ඒකාබද්ධව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී ඇත.

එවැනි වටපිටාවක සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබා නොදී රනිල් වික්‍රමසිංහට හෝ කරූ ජයසූරියට අපේක්ෂකත්වය ලබාදීමට ක්‍රියාත්මක වන රනිල් වික්‍රමසිංහ හිතවාදී රවී කරුණානායක, අකිල විරාජ්, සාගල රත්නායක, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු කල්ලියේ අවසන් හුස්ම හෙලීම ඇරඹී ඇති බවට සැකයක් නැත. 

More News