'අපිට ආයෙත් ගුටි කන්න බෑ - ගෝඨාභය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න ගොඩක් තියනවා' - මුතුහෙට්ටිගම

'අපිට ආයෙත් ගුටි කන්න බෑ - ගෝඨාභය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න ගොඩක් තියනවා' - මුතුහෙට්ටිගම

ජනාධිපතිවරයෙක් පත්කරමින් ආණ්ඩුවක් සාදාගත් පසුව අපිට යළිත් ගුටි කෑමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.මාධ්‍යයට අදහස් දක්වමින් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව කියා සිටියේය.

මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ දේශපාලඥයෙකු නොවන බවත් ඔහු වරෙක ආරක්ෂක ලේකම්වරයෙක් බවත් තවත් වරෙක ඔහු ආමිකාරෙයෙක් බවත් නිශාන්ත මුතුහෙට්ටිගම පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ගෝටාභය රාජපක්ෂක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධයෙන් තිබෙන අදහස් මොනවාදැයි තමන් නොදන්නා බවත් එමෙන්ම මහජන සම්බන්ධතාවයන් පිලිබඳ ඔහුට තිබෙන සහතිකයන් තමන් නොදන්න බවත් ඔහු පවසයි.

විශේෂයෙන්ම මැතිවරණවලදීවත් සුහදව කතා නොකළ අයෙක් ඔහු ඉදිරියේදී හමුවීමට හෝ නොහැකි වනු ඇති බවට සැකයක් ඇතැයි ඔහු පවසා සිටී.

පැවති නිදහස් සන්ධාන රජය සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ආණ්ඩුවේ අමාත්‍යවරුන් සමග සුහදව කටයුතු නොකල බවත් එවැනි පුද්ගලයෙකු මහජනතාව සමග සුහදව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව ඔහුගේ මතය වී තිබේ.

More News