ඥානසාර හිමිගේ නිදහසට එරෙහිව සන්ධ්‍යා අධිකරණයට

ඥානසාර හිමිගේ නිදහසට එරෙහිව සන්ධ්‍යා අධිකරණයට

ඥානසාර හිමි නිදහස් කිරීමට ජනාධිපති ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් රාජපක්ෂ ආණ්ඩු සමයේ අතුරුදහන් කරවූ ප්‍රදීප් එක්නැළිගොඩගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියාය. ‍

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විණි.එලෙස සිර දඬුවම් ගත කරමින් සිටියදී ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමද ඉකුත්දා සිදුවිණි.

එලෙස ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්
ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ මෙම තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , අදාළ සියලු නිල ලේඛන අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් පවත්වන ලෙසද ඇය සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, අධිකරණ අමාත්‍ය, ජනාධිපති ලේකම්, හිටපු පොලිස්පති, වැඩබලන පොලිස්පති, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

සබැඳි පුවත්

සිරිසේනට එරෙහිව සන්ධ්‍යා අධිකරණයට  ...

සිරිසේන සැරසෙන්නේ ‘වියරුවකට’ මිස මෛත්‍රියකට නොවේ..

ඥානසාර හිමි නිදහස් කරයි!

ඥානසාර හාමුරුවන්ට අපිට හිරිහැර කරන්න ජනාධිපති ආයෙත් ලයිසන් දීලා