ශ්‍රීලනිපයේ ගැටුම් උත්සන්නයි - මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි..!

ශ්‍රීලනිපයේ ගැටුම් උත්සන්නයි - මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි..!

ජනාධිපතිවරයා විසින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ඊයේ (18) නම් කරනු ලැබූ මහින්ද අමරවීර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මහින්ද අමරවීර මන්ත්‍රීවරයා එලෙස ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ 23 කණ්ඩායමේ තීරණයක් මත බව පැවසේ. 

මේ අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කැඳවුම්කරු වන 'ශ්‍රීලනිප 23 මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පෙරමුණ සමග යලි සන්ධාන ගතව පැවති යහපාලන ආණ්ඩුව යලි බලාත්මක කලයුතු බවට ජනාධිපතිවරයාට බලපෑම් කර ඇත.

කෙසේවෙතත් මීට පෙර දුමින්ද දිසානායක එක්සත් ජාතික පෙරමුණ සමග එක්වීමට ඇවැසි බව ජනාදිපතිවරයාට මීට පෙර අවස්තාවකදී පවසා තිබිණි.

එවිට ජනාධිපතිවරයා ඉතා කෝපයෙන් යන කිසි කෙනෙකුට ඇමැතිකම් ලබා නොදෙන බවද පවසා ඇත. මේ වනවිට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ගැටුම් දිගින් දිගටම උත්සන්න වෙමිනි පවතී. ජනාධිපතිවරයාගේ වෛරී සහගත ක්‍රියාකලාපය ඊට හේතු වී ඇති අතර ඊයේ(18)පාර්ලිමේන්තු සැසිය ආරම්භ වෙද්දී ශ්‍රීලනිපයේ විජිත් විජිතමුණි සොයිසා ඇතුළු තවත් තිදෙනෙකු ආණ්ඩුවට එක්විය.

එමෙන්ම ජනාධිපතිවරයා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් සිදුකරන අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කළකිරී ඇති ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයින් කිහිපදෙනෙකු ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුවට එක්වීමට නියමිතය.

සබැඳි පුවත්

එජාපෙට යන කාටවත් ඇමැතිධූර නෑ - සිරිසේන කඩා පනී