සජිත් අලියා වෙනුවට හංසයා තෝරාගනී : ඔක්තෝබර් 03 නාමයෝජනා භාරදෙයි

සජිත් අලියා වෙනුවට හංසයා තෝරාගනී : ඔක්තෝබර් 03 නාමයෝජනා භාරදෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත භාරදී ඇති අතර ඔහු එළැඹෙන ඔක්තෝබර් 03 වනදා නාමයෝජනා ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය නාමයෝජනා ලබාදීම සිදුකරන්නේ හංසයා ලකුණින් ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා ඒ අනුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔක්තෝබර් 03 වනදා ට යෙදී ඇති සුභමුහුර්තියක නාමයෝජනා ලබාදීම සිදුකරනු ඇත.

එසේම එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රාහී ප්‍රථම රැලිය ඔක්තෝබර් 09 වනදා පැවැත්වීමට නියමිත අතර ලංකා ඉතිහාසයේ වැඩිම ජනකායක් එක්වන රැලියක් බවට එය පත්වනු ඇති බවත් වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණය සදහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන ඉදිරිපත් වූයේද මෙම පක්ෂයෙනි.

මේ අතර පක්ෂ සමගිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය කරුණු 5ක් සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු එජාප නායකයන් එකඟතාව පළකරගෙන ඇති බවත් වාර්තා වෙයි.

More News