කොරෝනාට එරෙහිව සටන් කර අපි ජය ගන්නවා - චීන ජනාධිපති

කොරෝනාට එරෙහිව සටන් කර අපි ජය ගන්නවා - චීන ජනාධිපති

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ අගනුවර වන බීජිං හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා හමුවී තිබෙනවා.

චීන ජනතාව කොරෝනා වසංගතයට එරෙහිව ඉතා බරපතල සටනක යෙදී සිටින බවත් ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සෑම විටම පළමු තැනට පත්වන බවත්, එම නිසා කොරෝනා වෛරසය පාලනය කිරීම මේ වන විට රටේ වැදගත්ම කාර්යය වී ඇති බවත් චීන ජනාධිපතිවරයා පවසයි.

ඔහු මෙ බව පවසා සිටියේ ඊයේ(28) බීජිං හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සමග හමුවේදිය.

CCTV පුවත් සේවය වාර්තා කළේ ගෝලීය මහජන සෞඛ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැදගත් කාර්යභාරය ජනාධිපතිවරයා අගය කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගීතාවය චීනය විශාල වැදගත්කමක් දරන බවත් පැවසු බවයි.

ඊට අමතරව ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මේ වසංගතය යක්ෂයෙක්.” බවත් කොරෝනා වෛරසයට එරෙහි සටන කෙසේ හෝ ජය ගන්නා බව චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.