Breaking News : ඇමරිකා ජනපති ට්‍රම්ප් උතුරු කොරියාවට පය තබයි

Breaking News : ඇමරිකා ජනපති ට්‍රම්ප් උතුරු කොරියාවට පය තබයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර උතුරු කොරියාවට පිවිසීය. උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා බවට ඉතිහාසයට එක්වීමට ට්‍රම්ප්ට ඒ සමගින් ඉඩකඩ ලැබුණි. මාස ගණනාවක් තිස්සේ පැවැත්වෙන උතුරු කොරියානු සහ ඇමරිකානු සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව උදාවීය.

කාලයක් තිස්සේ සතුරු රටවල් ලෙස හංවඩු ගැසී සිටි උතුරු කොරියාව සහ ඇමරිකාව සාකච්ඡා මේසයට පැමිණෙන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයෙන් පසුවය. ඊට පෙර ඇමරිකාව උතුරු කොරියාවේ න්‍යශ්ටික වැඩපිළිවලට විරෝධතාවය දක්වමින් ආර්ථික සම්බාධක පැනවූ අතරම උතුරු කොරියාවද එයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව සහ ඇමරිකාවේ හිතවත් රටක් වන දකුණු කොරියාව දෙසට න්‍යෂ්ටික මිසයිල හරහා අනතුරු ඇඟීම සිදුකලහ.

නමුත් මීට මාස කිහිපයකට පෙර ප්‍රථම වතාවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවේදී ප්‍රථම වරට සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡා සාර්ථක වෙනු ඇතැයි කිසිවෙකුත් නොසිතූවද ඇමරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට පැමිණීම දක්වා එය පැමිණ ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් අද දකුණු කොරියාවට පැමිණ එහි සිට යුද මුක්ත කලාපය ඔස්සේ උතුරු කොරියාවට සංක්‍රමණය වීම සිදුවිය.