හදවතේ ගිණිදැල් නිවා දමන්න "සුපර් ටෑන්කර්" සටන් බිමට

හදවතේ ගිණිදැල් නිවා දමන්න "සුපර් ටෑන්කර්" සටන් බිමට

ලොව විශාලතම ජලය ගෙනයන සුපර් ටෑන්කර් ගුවන් යානය ඇමසන් ගිනි දලු නිවීමට බොලීවියාවේ ආරාධනයෙන් ගෙන්වා තිබේ.  බෝයිං 747 වර්ගයේ ඇන්ජින් 4ක විශාල ජම්බෝ යානාවක් තුළ සවි කළ විශාල ධාරිතාවකින් යුතු ජල ටැංකි පද්ධතියකින් සමන්විත මෙම යානාව දැනට ලොව ඇති විශාලතම ගිනි නිවීමේ ගුවන් යානාව ලෙස සැලකේ. 

මෙම යානාව මගින් වරකට රැගෙන යා හැකි ජල පරිමාව ලීටර් 70,000 ක් වන අතර  ඇමරිකාවේ එවර්ග්‍රීන් ගුවන් සමාගම සතුව ඇති මෙම යානාවට පෙර තිබූ තවත් පැරණි ටෑන්කර් යානා දෙකක් විශ්‍රාම ගන්වා ඇත.

මෙම යානාව නිපදවා ඇත්තේ ඕනෑම ගිනිගන්නා ස්ථානයකට පහසුවෙන් ලඟා වී ගුවනින් ජලය හැලීමට හැකිවන පරිදි නිශ්පාදනය කොට තිබේ.  ගිනිගන්නා ප්‍රදේශයේ ළඟම ඇති ගුවන් තොටුපලේදී බවුසර් මගින් ගෙන එන ජලය පුරවාගන්නා මෙම යානාව ගිනිගන්නා ප්‍රදේශය වෙත ගොස් ඉතා පහළින් ගමන් කරමින් තම බදෙහි පුරවාගෙන සිටින ලීටර් 70,000ක් වූ ජල පරිමාව වැස්සක් මෙන් අත අරිනු ලබන අතර කුඩා හෝ මධ්‍ය පරිමාණයේ ගිනි ජාලා මෙම එක ජල වැස්සකට නිවී යනු ලබන අතර විශාල ලෙස පැතිරී ඇති ගිනි ජාලා නිවීමට මෙම යානාව කිහිප වරක් නැවත නැවත ගමන් කරනු ලැබේ. 

මේ දිනවල ඇමසන් වනයේ ඇවිලී තිබෙන ගින්න නිවීමට බොලීවියාව විසින් මෙම යානාව එවර්ගීන් ගුවන් සමාගමෙන් කුළියට ගෙන ඇති අතර මේ වන විට මෙම යානාව පසුගිය 22 වනදා සිට බොලීවියාවේ සාන්ත කෘස් ගුවන් තොටුපළෙහි සිට කිහිප වතාවක් ඇමසන් වනය වෙත ජලය ගෙන ගොස් ඇති බව වාර්තා වේ.