ඇමරිකාවෙන් පලිගන්නට ඉරානයෙන් මරාගෙන මැරෙන කල්ලියක්!

ඇමරිකාවෙන් පලිගන්නට ඉරානයෙන් මරාගෙන මැරෙන කල්ලියක්!

මැද පෙරදිග කලාපයේ තවත් ලෝක යුද්ධයක උණුසුම වර්ධනය වෙමින් තිබියදී ඉරානය තුල නව මරාගෙන මැරෙන කල්ලියක් නිර්මාණය වී ඇති බව පුවත් සේවා වර්තා කරයි. "අල්-හුසේන් සූසයිඩ්' නමින් හඳුන්වාගන්නා මෙම කණ්ඩායම වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත්කරමින් ප්‍රකාශ කරන්නේ ඇමරිකාවෙන් පළිගැනීමේ අරමුණින් මෙම කල්ලිය නිර්මාණය කරගත් බවය.

පසුගියදා ඉරාකයේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ප්‍රබලතම හමුදා ජෙනරාල්වරයෙක් වන සොලෙයිමානිගේ දේහය ඔහු උපන් ප්‍රදේශයේදී අවසන් කටයුතු සිදුකරනු ලැබීය. දින තුනක ශෝක කාලයක් පුරාවට ඉරානය තුල ඇමරිකාවට එරෙහි ජනතා නැගිටීම් වර්ධනය වෙමින් තිබේ. ඇමරිකාව වහාම ඉරාකයෙන් පිටත්විය යුතු බවට සපථ කරමින් ඉරානය මෙහෙයුම් ඇරඹීමේ සූදානමක් ඇති බවද සැලවේ.

ඒ අතරවාරයේදී නිර්මාණය කරගෙන ඇති මෙම නව මරාගෙන මැරෙන කණ්ඩායම කෙසේ ක්‍රියාකරයිද යන්න ගැටළුවක් වී ඇති අතර එය නැවත වතාවක් ලෝක යුද්ධයකට අතවනන පියවරක් බවනම් පැහැදිලිය. ඒ අතරම ඉරාන පුවත්සේවා පවසන්නේ ඇමරිකාව ඉරානයේ සංස්කෘතිය වටිනාකමකින් හෙබි ස්ථාන ගණනාවකට පහරදීමට සැලසුම්කරමින් ඇති බවයි.

ජෙනරාල් සොලෙයිමානි පසුගියදා සිරියාවේ සිට ගුවන් යානයකින් ඉරාකයේ බෑග්ඩෑග් නුවරට පැමිණ ඇති අතර ගුවන් තොටුපලේ සිට මෝටර් රථයකින් පිටත්ව යන අවස්ථාවේදී නියමුවන් රහිත ඩ්‍රෝන් යානයකින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර මෙම ඝාතනය සිදුකර ඇත.