සදාකාලිකව බලයේ ඉන්නට සිතූ 'රොබට් මුගාබේ' මියයයි!

සදාකාලිකව බලයේ ඉන්නට සිතූ  'රොබට් මුගාබේ' මියයයි!

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ සිංගප්පූරුවේදී අභාවප්‍රාප්තවූ බව සිම්බාබ්වේ වත්මන් ජනාධීපති එමර්සන් මන්ගග්වා විසින් තහවුරු කර තිබේ. මියයන විට රොබට් මුගාබේ 95 වැනි වියේ පසුවූ අතර අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් රෝහල් ගතකර සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. පසුගිය අප්‍රේල් මාසයේ සිට ඔහුට ප්‍රතාකර කරමින් සිටි බවද සිම්බාබ්වේ ජනපති සඳහන් කර ඇත.

1980 සිම්බාබ්වේ ජනපති ලෙස බලයට පත්වූ මුගාබේ එරට බ්‍රිතාන්‍යය පාලනයෙන් බේරාගැනීම සඳහාවූ අරගලයට සුවිශේෂී දායකත්වයක් දුන් නායකයෙක් විය. බලයට පැමිණ කෙට කලකදීම සිම්බාබ්වේ නිදහස් සටනේ ප්‍රබලතම චරිත සමග ගැටුම් ඇතිකරගත් මුගාබේ ඔවුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. දශක 4 කට ආසන්න කාලයක් ජනාධිපතිධූරයේ ක්‍රියාත්මකවූ මුගාබේ පාලනය 2017 දී අවසන් වන්නේ එරට හමුදා විසින් බලය තහවුරු කරමින් මුගාබේ සහ ඔහුගේ එවකට බිරිඳ නිවාස අඩස්සියට පත්කිරීමත් සමගය.

මුගාබේ සමයේ සිම්බාබ්වේ රාජ්‍ය ඉහළම දියුණුවට මෙන්ම අන්ත පරිහානියටද පත්විය. වයෝවෘද්ධ නායකයෙක් ලෙස සැප සම්පත් වලට සහ ස්ත්‍රීන්ට ලොල්වීම හේතුවෙන් රටේ ආර්ථිකය සහ සංවර්ධනය බිඳවැටුණු අතර උද්ධමනය හේතුවෙන් එරට මුදලේ අගය ඉතා පහත වැටී රට අන්ත දුප්පත් තැනකට ඇද වැටුණි. රටේ බොහොමයක් ස්වාධීන ආයතනවලට දේශපාලනික ඇඟිලි ගැසීම් කිරීම නිසා එම ආයතන සම්පූර්ණයෙන්ම කඩා වැටුණු අතර ක්‍රිකට් ක්‍රීඩාවටද ඔහුගෙන් වූ බලපෑම නිසා විදෙස් සම්බවයක් ඇති ක්‍රීඩකයන් වූ ඇන්ඩි ෆ්ලවර්, ග්‍රාන්ට් ෆ්ලවර් මෙන්ම සිම්බාබ්වේ ජාතික හෙන්රි ඔලොන්ගා කණ්ඩායම හැර ගියේය. අවසානයේදී සිම්බාබ්වේ ක්‍රිකට් අන්ත තැනකට වැටුණු අතර අද ජාත්‍යන්තරව ක්‍රිකට් තහනමකටද ලක්ව තිබේ.

රටේ නීතියට සහ සෛවරීභාවයටද දැඩි හානි කරමින් කටයුතු කළ මුගාබේ පාලනය 2017 කෙළවරීවීමෙන් පසු හමුදා බාරයේ කල්ගත කිරීමට මුගාබේට සිදුවිය. සදාකාලිකව බලයේ ඉන්නට සැලසුම් කල මුගාබේට ජීවිතයේ අවසන් වසර කීපය ගතකරන්නට සිදුවූයේ අධික කම්කටොළු සහ නිදහස අහිමිවූවෙක් ලෙසින්ය.