පුද්ගලයින් 57,000 ක් තවමත් නැව් 74ක හිරවෙලා..

පුද්ගලයින් 57,000 ක් තවමත් නැව් 74ක හිරවෙලා..

මැයි මස 5 වැනිදා වනවිටත් ලොව පුරා විශාල ප්‍රමාණයේ මගී ප්‍රවාහන නැව් 74ක කාර්ය මණ්ඩලය ඇතුළුව 57,000කට ආසන්න පිරිසක් සිරවී ඇති බවට පුවත් වාර්තා සඳහන් කරයි. ඇමරිකාව ආසන්නයේ, කැරිබියන් මුහුදේ මෙන්ම අරාබි මුහුදේ ද මෙම නැව් වැඩි වශයෙන් ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ.

කොරෝනා රෝගය ව්‍යාප්තවීමත් සමග සියලුම රටවල් පාහේ සිය ගුවන්තොටුප සහ වරාය වසා දැමීම හේතුවෙන් මගී ප්‍රවාහන නෞකා බොහොමයකට සිය ගමාන්නතය වූ රටවලට ඇතුල්විය නොහැකි විය. ඉන් ඇතැම් නෞකා පෙරලා එම නැව අයත් හෝ ගමන ආරම්භකල රටට පැමිණිමට හැකිවුවද, ඇතැම් නැව් වලට එම අවස්ථාවද අහිමිවිය. ඒ හේතුවෙන් මෙලෙස මහා සාගරය මැද අතරමංවී මාස දෙකකට වැඩි කාලයක් ගතකිරීමට සිදුව තිබේ.

නෞකා කිහිපයකම කොරෝනා රෝගීන් වාර්තාවීම නිසා ඇතැම් රටවල් වල වරායන් තුලදී පහසුකම් සලසා දීම සිදුකරනු ලැබීය. ඇතැම් නෞකාවල මේ වනවිට ආහාර සහ අනෙකුත් පහසුකම් වේගයෙන් හිඟවෙමින් පවතින බව වාර්තා වීම නිසා තත්වය තවත් දරුණු අතට හැරී තිබේ.

මගීන් දහස් ගණනකට ගමන් කල හැකි පාවෙන නගර වැනි විශාල මගී ප්‍රවාහන යාත්‍රවන්හි සිරව ඇති බොහෝ දෙනෙක් ප්‍රකට ව්‍යාපාරිකයන් ය. අදාල නෞකාවන්හි හිමිකරුවන් මේ වනවිට විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් සිටින්නේ හැකි ඉක්මණින් එම නෞකා ලඟම ඇති වරායන් වෙත යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාය.

ටයිටැනික් මාදිලියේ නෞකා ලොව ප්‍රකට ව්‍යාපාරික අවස්ථාවක් වන අතර වසරකට මිලියන ගණනක ජනතාව නිවාඩු කාලය ගතකිරීම වෙනුවෙන් මෙවැනි සුඛෝපභෝගී නෞකාවල ගමන් කිරීම සිදුවේ.

තවත් පුවත්

රනිල්ට ඇමති ධූරයක්!

කොරෝනා Guard එක්ක - බැංකොක් Dance!