රනිල්ට ඇමති ධූරයක්!

රනිල්ට ඇමති ධූරයක්!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යධූරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධනට ලබාදී ඇති බව එරට කැබිනට් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. ඊයේ (06) අගමැතිවරයා විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස රනිල්ගේ තනතුර උසස් කිරීමට තිරණය කර තිබේ.

ඊසාන දිග හැම්ප්ෂයර් කොට්ඨාශය නියෝජනය කරමින් 2015 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය නියෝජය කරනමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ. ඔහුගේ පියා වන නලින් ජයවර්ධන වෘත්තීයෙන් ගණකාධිකාරිවරයෙක් වන අතර 1978 වර්ෂයේ ඔහු බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් තිබේ. රනිල්ගේ මව ඉන්ද්‍රා ජයවර්ධන ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවකි.

වෘත්තියෙන් බැංකු ක්ෂේත්‍රයේ නිලධාරියෙක් ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 2008 වර්ෂයේදීය. රනිල් ජයවර්ධනට හිමිවූ අමාත්‍යධූරය මින් පෙර දරණ ලද්දේ කොර්නර් බර්න්ස් විසින් වන අතර ඔහුට පාර්ලිමේන්තු රීති කඩකිරීමේ චෝදනාව යටතේ අමාත්‍යධූරයෙන් ඉවත්වන්නට සිදුවිය. ඔහු වත්මන් අගමැතිවරයාගේ ඉතා සමීපතමයෙක් වූවද නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට බොරිස් ජොන්සන් කටයුතු කරන ලදි.

EXU2XSBUYAAWhc3

මින් පෙර තෙරේසා මේ ගේ රජයේ ශ්‍රී ලංකාව සම්බන්ද වෙළඳ නියෝජිතයා ලෙස කටයුතු කරනු ලැබුවේද රනිල් ජයවර්ධනය. බ්‍රිතාන්‍ය විසින් ලංකාවේ සිදුකල ආයෝජන ගණනාවකට රනිල් ජයවර්ධනගේ මැදිහත්වීම සිදුව තිබේ.